නීති රීති මාලාව.

අප සින්ඩිය තුල බාවිතා කරන නීති රීති පද්ධතිය පහල පරිදි වේ. ඔබගේ බ්ලොග් අඩවිය ටොපිය සින්ඩියට ඇතුලත් කිරීමේදී ඔබ මෙම නීති රීති වලට අනුකුල විය යුතුය.

නීති රීති මාලාව.

  1. ඇතුළත් කළ හැක්කේ සිංහල යුනිකේත මගින් ලියූ සිංහල බ්ලොග් අඩවි පමණි.
  2. ලබාදෙන ඊමේල් ලිපිනය නිවැරදි විය යුතු අතර, එම ලිපිනය ඔස්සේ සම්බන්ධ කරගත නොහැකිනම්, අඩවිය ඇතුළත් නොකෙරෙනු ඇත.
  3. අඩවියේ ලිපිවල සිංහල අන්තර්ගය 70%ට වැඩි මට්ටමක පවත්වාගත යුතුයි.
  4. දින 90ක් තුළ අළුත් ලිපියක් පළ නොකළහොත්, බ්ලොග් අඩවිය සින්ඩිකේටරයෙන් ඉවත් කිරීමට සිදුවෙයි.
  5. නැවත බ්ලොග් අඩවිය ලියනවානම්, නැවත ඇතුළත් කිරීමට ඉල්ලා සිටිය හැක.
  6. ඉවත් කිරීම ගැන දැනුම් දීමක් සිදු නොකෙරෙනු ඇත.
  7. අඩවිය බ්ලොග් කියවනයේ ඇද්දැයි දැනගැනීමට මෙතනට පිවිසෙන්න.
  8. අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් සුදුසු සේ ලියැවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් ඇතුළත් නොකෙරේ.
  9. වෙනත් අයගෙන් පිටපත් කළ ලිපි ඇතුළත් බ්ලොග් අඩවි, ස්පෑම් අඩවි ආදියද ඇතුළත් නොකෙරෙනු ඇත.
  10. උපුටා දැක්වීමක් නම්,  ”එම ලිපිය උපුටාගත් තැන හා කතුවරයා සදහන් කළ යුතුයි.” නීතියට යටත්ව කොටසක් උපුටා දැක්විය හැක.
  11. සම්පුර්ණ උපුටා ගැනීමක් නම්, “එම ලිපිය උපුටාගත් තැන හා කතුවරයා සදහන් කළ යුතුයි.” හා “කතුවරයාගේ අවසරය තිබිය යුතුයි.” යන නීතිවලට යටත්ව කළ යුතුයි.
  12. උපුටාගන්නා/දක්වන් ලිපි Creative Commons හෝ Open Source නම්, එම නීතිවලට අනුව උපුටා ගැනීම සිදු කළ යුතුයි.
  13. පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.
  14. බ්ලොග් අඩවිය ඇතුළත් කිරීමට සුදුසු දැයි තීරණය කිරීමට ටොපිය සින්ඩියේ කළමණාකරුවන්ට පුර්ණ අයිතියක් ඇත.
  15. ඔබ ඇතුළත් කරන අඩවියට එරෙහිව පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව තීරණය කළමනාකාරිත්වය සතුවන අතර, ඒ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට නුසුදුසුයැයි තීරණය වුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව එය ඉවත් කෙරෙනු ඇත.
  16. ඉහත නීතී කඩකරන බ්ලොග් අඩවි ඇත්නම් info.topiyasyndi@ymail.com වෙත ලියා දන්වන්න. (පැමිණිලි පාර්ශවයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කෙරෙනු ඇත.)

සින්ඩියේ බ්ලොග් ඇතුලත්කිරීමේ විස්තර
  1. ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළත් කිරීමට දින 7-14 ක් දක්වා කාලයක් ගතවීමට ඉඩ ඇත.
  2. එම කාලය අතරතුර බ්ලොග් අඩවිය ඇතුළත් කිරීමට නැවත නැවත ඉල්ලා සිටීමෙන් වළකින්න.
  3. දින 14ක් ඇතුළත ඔබගේ අඩවිය ඇතුළත් වී නැත්නම් info.topiyasyndi@ymail.com වෙත ලියන්න.
  4. ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළත් කළ පසු, ඒ බව ඔබට ඊමේල් මගින් දැනුම් දෙනු ලැබේ.
  5. ඔබ විසින් ලියන ලද ලිපියක් සින්ඩිකේටරෙයේ දිස්වීමට පැය 5-8 දක්වා කාලය ගතවිය ගැක.
  6. එම කාලය ඉදිරියේදී අවම මට්ටමකට ගෙන ඒමට සංවිධායකයින් කටයුතු කරනු ඇත.
  7. ඇතුළත් කර ඇති අඩවියක බ්ලොග් ලිපි ලියා පැය 5-8 කින් දිස්වන්නේ නැතිනම් info.topiyasyndi@ymail.com වෙත ලියන්න